පොල් කිචි බිචි නයිදේpol kichi bichi nayidhee

Pol Kichi Bichi Naide

Lyrics

පොල් කිචි බිචි නයිදේ 
කිචි බිචි කියලා මිදුලේ අවට පැන්නා 
අතැනින් මෙතැනින් තුඩගින් අහුලා 
මොන මොනවද ඇහිඳින්නා  
පොල් කිචි නිවසේ 
පැටියෙක් ඉපදී මංගල්ලයක් වාගේ 
අරුණැල් උදයේ අඹ ගස් මුදුනෙන් 
ඇසුනා නැලවිලි ගීතේ.....

මේ දෙන්නා දෙමහල්ලෝ
අද මෑණී පියා වීලා
වස ආඩම්බර පාටයි
මට බලා ඉන්න ආසයි 
අර යෞවන රස කාලේ
අහවර වීලා වාගෙ....

පොල් කිචි නිවසේ 
පැටියෙක් ඉපදී මංගල්ලයක් වාගේ 
අරුණැල් උදයේ අඹ ගස් මුදුනෙන්  
ඇසුනා නැලවිලි ගීතේ.....

ඔය පොඩි උන් දඟකාරයි
කොලු කාලේ මනමාලයි 
උන් කරාවි හිතු හිතු දේ
ඇහුනාද කුරුළු නයිදේ 
පැන යාවි කැදැල්ලෙන් උන් 
මහ උන්ට පවා රහසින්.......  



Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.