Lyrics
ගුම් ගුම් ගුම් නඟනා මල් බඹරෝ
මල් පැනි වාරේ ආවාදෝ...
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැගුම් මා වටකර රඟන ලතාවයි
පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි...
බිංදු බිංදු පිණි මුතුවැල් මඟ සරසනවා
මට නොකියම හෙමි හෙමිහට පිය එසවෙනවා
කුරුල්ලනේ රැන් රැන් කොහේ යන්නදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකො...
මට මතකයි මට මතකයි පුංචිකාලෙ මං
රැ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං
ඒ පෙනිච්ච මිහිරි සිහින දැන් සැබැ වුනා
රිදී කාසි සැලෙන හඬින් සිත සිනාසුනා...
මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා සිත සැහැල්ලුවෙ
කවුරුත් හො මට කියන්න කනට කොඳුරලා
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ ගල ගලා...