පොඩි කුමාරිහාමිpodi kumaarihaami

Podi Kumarihami

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

පොඩි කුමාරිහාමියේ 
එපා වලව්වට යන්න නියර පිට 
බලා ඉන්න පොඩි කුමාරිහාමියේ 
කාසි එපා නුඹ හිනාවෙවී 
ඔහෙ බලා ඉන්නවා නම්.......

නිළමෙත් නපුරුයි ළමාතැනිත් නපුරුයි 
නපුරු වලව්වක කෝමද කෝමළ 
කතා නුඹට ලැබුණේ 
වක්කඩ කැඩුවා සේ සිනාසෙන 
හිනා ගඟුල මැවුණේ 
නුඹෙ හිනා ගඟුල මැවුණේ......

පොඩි කුමාරිහාමියේ.......

කඩා ගන්න බැරි වුණත් හරිම සුවඳයි 
නෙරිය කොනේ මඩ තිතක් ඉහින්නට 
ආසයි නුඹට හොරා 
මාල හතක් බැඳ පෝරුව මත හිඳ 
නොයන් මේ ගම හැරදා 
නුඹ නොයන් මේ ගම හැරදා.......

පොඩි කුමාරිහාමියේ.......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.