පොඩි හාමුදුරුවෝ podi haamudhuruwoo

Podi Hamuduruwo

Lyrics

පොඩි හාමුදුරුවෝ අද හවසත් 
වෙල් එළියට වැඩියා අම්මේ 
මඩ තවරාගෙන තරගෙට දිව්වා 
නියර දිගේ එක පිම්මේ 
කරනම් ගැහුව්වා දියබුම් ගැහුව්වා 
බක් මී ගහ ළග බැම්මේ 
සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම 
පව් සිදු වෙනවද අම්මේ 

බුදු ගේ ඇතුලෙන් කෑම ජාති රස 
සිවුරේ ඔතාගෙන එනවා 
පිං කැටයෙන් ගත් කාසි පනම් දී 
සිනි බෝල වළදනවා 
 
සෙල්ලම් පිටියේදී අපටත් වැඩියෙන් 
දගකාරයි කටකාරයි
මට නම් අම්මේ පොඩි හාමුදුරුවෝ 
හුරතල් ළමයෙක් වාගෙයි

පොඩි හාමුදුරුවෝ .../

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.