Lyrics
පොඩ්ඩියේ අම්මා අම්මාමයි තාම
වැරදුනෙ අපි නිසයි ඈ වැරදිද කෝම
බක්මහේ කොවුල් බින්ජු පුපුරණ දාක
නංගියෙ අම්මගෙන් උඹ ඉල්ලනවද ගේම
තනේ කඩා විසිකර පත්තිනි වී නම්
අනේ හාමතේ අපි මැරිලා එහෙනම්
වනේ පාරන්නේ වන පල විස වී නම්
නගේ දැං යමං පඞි පුර ගිනි තියපන්
සතා කියා ඉදහිටක දි ඇහුනාට
කතා හදන උන් සේරම බෝසත් ද
යකා වැහෙන්නට පෙර උඹෙ අයියාට
කතන්දර එපා වැදපන් අම්මාට
දං කද නැති දාට රන්කද වී පෙනිලා
ලොකු හාමුදුරුවො අණකර බණ පද එව්වා
මුචලින්දගෙ ඇහේ නයි කදුලක් වැටුනා
අපේ අම්මා බණ කතාවක් බුදු ගෙයි ලිව්වා
රත් වුනු යකඩ ලෝකුරු ගෑණුත් තැලුවා
මත්වුණු බඹරු ඉටි මල් පොකුරෙත් වැහුවා
ඇත්තට ලෝකෙ ගැන උඹ දන්නෙද මොනවා
පත්තිනි සළුවලත් ඇත් තුත්තිරි තිබුණා
සතා කියා ඉදහිටක...