පිණි දිය ගලනාpini dhiya galanaa

Pni Diya Galana

Lyrics

පිණි දිය ගලනා සොඳුරු මානයේ
පිරිපුන් මිනිසා මම වෙමි සාදයේ
සිතුවිළි පුපුරා මීවිත මානයේ
ධාවන පථයෙන් ඉගිලී යමි හීනයේ

දේවදුන්නක දෙකොපුල් කොඳුරා මට ඉඟි මැරුවා
පාර අද්දර වැටකින් පොඩි ළමයෙක් එබිලා බැලුවා
දාර වැස්සක තෙමෙමින් පළඟැටියෙක් හොඳටම නැටුවා
කීව නාහන දෙතොලක් මගෙ තොල්පෙති අහින් හැපුවා

සමනල් රල විත් රහසේ ඔසවා ගෙන ගොස් මා
අරුමෝසම් නැති අහසේ සඟවා තිබුණා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.