පියුම් නීල විල උපන් ලියේpiyum niila wila upan liyee

Piyum Neela Vila Upan Liye

Lyrics

පියුම් නීල විල උපන් ලියේ
අහංකාර ඔබෙ යෞවුන් වියේ
නෙතු කැළුම් වැදී මගෙ හිත දුකින් රිදේ
සිදංගනා මුදු වදන් මලින් මට පවන් සලන් කුමරී
වසන්ත කතාව කියන්න කෝමල සිනා පොදින් //

ඔබගේ වරලේ කුසමේ සුදු රේණු පවා
සුවඳ දෙවා පාවේ රෑ සිහිනේ
මා හා රෑ පානේ

පියුම් නීල විල ....

ඔබගේ දෙපයේ වෙලෙනා හඩ නුපුරයේ
ජීවනයේ රන්වන් පෙම් අරණේ
ආදර ගී වරුණේ

පියුම් නීල විල .... //

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.