පියවුණාpiyawunaa

Piyawuna

Lyrics

පියවුණා දෙනෙත් නිදි මතින්
ඇවිළුණා ගිණි පුපුරු සිතිවිලි පතුළේ
ළං වුණා අඳුර සෙවණැලි මකා දමා
පියවුණා සුසුම ආ
බොහෝ
කළකට කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

කාළය ගෙවුණා අපි අපිට අහිමි කරමින්
මතකය තිබුණා නොමැකී මනසේ හැංගී
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

යළිත් හමු වුණා නොගිය ගෙවුණු මොහොතක්
රූරා ගලනා වියලී නොමැති රුහිරු
කළකට කලින් කලින් කලින්
නැවතුණු හදෙන් හදෙන් හදෙන්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.