Lyrics
පියවර ඔසවා යනතුරු ඈතට
පියවරු සිටියා නිරතුරු දෑතට
තනතුරු ලැබිලා හිස කෙස් ගානට
ඉන්න ඉඩක් නෑ මහ ගේ ගාවට
මුණිතුණ මතුරා උවදුරු පා කොට
මව්වරු සිටියා එනතුරු දෝතට
තනතුරු ලැබිලා හිස කෙස් ගානට
ඉන්න ඉඩක් නෑ මහ ගේ ගාවට
පියවර එසවී නැති බැරි කාලෙට
බැරිබර උසුලා යනවිට යායට
සරුබිම උතුරා සඳ පහනක් ලෙස
සෙනෙහෙ එනවා ඉණි වැට ගාවට
පියවර ඔසවා ........