Lyrics
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ...
නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ..//
මල්ගොමු පිස එන මදනල අතර මගකදී...
මා එන මග වළකන්නට බලා උනි රැඳී...
මල්ගොමු පිස එන මදනල අතර මගකදී...
මා එන මග වළකන්නට බලා උනි රැඳී...
දසත සැරිසරා එන්නෙමි ගුවන්තල අරා...
නොදැක ඔබේ රුව ශෝකය මැවෙයි හද පුරා..
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ...
නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ..//
සෙවන ලදිමි තුරු ගොමුවල එය නොවේ සුවේ...
ගිමන නිවන මහද අරණ තුරුල ඔබ ප් රියේ...
වෙහෙස නොමබලා එන්නෙමි සසර සැරිසරා...
සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා...
පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ...
නවාතැන මගේ ඔබෙ හද තුලයි සොඳුරියේ..//