පිවිතුරුය පළමු පෙමpiwithuruya palamu pema

Piwithuruya Palamu Pema

Lyrics

පිවිතුරුය පළමු පෙම 
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය සුවඳ ඔබ 
සුදු හාමිනේ ....
තනිකඩය තවම මම //

වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කලා
මල් යාය බඹර ගී හඩ තලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා

පිවිතුරුය පළමු පෙම ....

කප්තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනිකලා
අවරගිර තරු වැටෙන් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුනා 

පිවිතුරුය පළමු පෙම ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.