Lyrics
පිටු එකිනෙක පෙරලා පෙරලා දිග හැරදාගත් පුවත්පතේ
දුටුවේ නුඹේ නමින් මංගල දැන්වීමක් සොදුරේ
කල වයසට දීග නොගිය සිතින් හඩන මනාලියේ
නුඹයි මගේ පෙර දිනේ පෙමින් වෙලුනු පෙම්වන්තිය වුනේ
පුංචි දෙනෙත් අඩවන් වී ගිය නුරා බැල්ම තාම ඇතිද
පාළු වෙලා ගිය සිතට නුඹේ මනාලයෙක් ලැබුනේ නැතිද
රන්මසු පොදි නැතිවුනු මට නුඹට ආදරේ කරන්න
කුල භේදය වදර වුනේ නුඹත් මමත් වෙන් කරන්න
සිතිවිල් ලග නතරවෙලා ගෙනුවු අපේ අතීතයට යන්න
ආශාවන් සහසක් නිවලා සිත සැනසූ කුමාරියයි නුඹ
දෙගුරුන් මැද අසරණ වී නුඹත් මමත් වෙන්වුනාට
එකම සිතින් ආදරේ කරනා මනාලයා මමයි නුඹට
පිටු එකිනෙක ....