පිත්ත කරට ගත්තේpiththa karata gaththee

Piththa Karata Gaththe

Lyrics

පිත්ත කරට ගත්තේ පපුව පෙරට දැම්මේ 
සිංහ කොල්ලෝ වසම වසයි 
හත් පොළකඩ පන්දු පලයි 
තෝරන් බැන්ද පාරේ පිනුම් ගහමු ආයේ 
අතින් කටින් විසිල් ගහන් 
එකතු වෙන්න කාලේ ළඟයි 
පිටියට වැට බැන්දේ එපිටින් 
පිට පැත්තේ මැහුමක් දාලා 
ආයේ අරන් එන්න පන්දු හොයන් 
දඟ අවුට් එක පැත්තේ කැන්ගරු පැන ගත්තේ 
පාරක් හැප්පිලම බලමු අපේ තරම හොඳින්... 

දැක්කම වෙව්ලනවලු සංගා නිලා මහේලලා 
තුන්පත් රෑනට උපමා 
ලෝකෙම අමතනවලු ක්‍රිකට් මහවරුන් කියා 
අපි නෑ වංචා කරලා නැකතක් බලලා දිනුමක් පතලා 
තිස්තුන් කෝටියක් දෙවියන්ගේ බැල්ම ලබා 
පියවර මැනලා කප් එක ඉඹලා 
බෙරපද ගහලා ගන්න අපි ලතැවෙනවා...

පිත්ත කරට...

තිරියා මාලි කුසල් ඇන්ජි කුලේ අජන්තලා 
තරු පිටියට ගේනා ලියලා රන් අකුරින් 
ක්‍රිකට් පොතේ පිටුව පුරා මුල් තැන 
අපි ශ්‍රී ලංකා...
පුටු රත් කරලා දැන් බැහැ දැන් ඉඳලා 
ටීවී වට කරගෙන පොරි හපන්න එන්න සුදා 
පියවර මැනලා කප් එක ඉඹලා 
බෙරපද ගහලා ගන්න අපි ලතැවෙනවා...

පිත්ත කරට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.