Lyrics
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...//
තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඈඳා
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...
පිට රට සිරිතට අද දිව දික් කරනා අද සිංහල කළු සුද්දා//
කන්නට අඳින්ට පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා//
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...
හිරලි බතල ටික සුපුරුදු අම්මා රට හාලේ බත කාලා//
කිරි නැති හින්දා රට කිරි දීලා සිංහල දරුවෝ මරන්නා//
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...
පිට රට හාලේ බත් ටික නැත්නම් බඩගින්නේ සිංහලයා//
අන්තිමේදී බුදියන පැදුරත් දැන් දැන් පිට රටින් ගෙන්නා//
පිට දීප දේශ ජයගත්තා...
ආදී සිංහලුන් පිට දීප දේශ ජයගත්තා...