පිට දීප දේශpita dhiipa dheesha

Pita Deepa Desha

Lyrics

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා
(තම රට දේවල් පිටරට පටවා
පිට කාසිය මෙහි ඇද්දා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

(පිට රට සිරිතට දිව දික් කරනා
අද සිංහල කලු සුද්දා...//)
(කන්ට අදින්ටා පිටරටින් එන තුරු
මුහුදට දත නියවන්නා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

(හෙරලි බතල ටික සුපුරුදු වම්මා
රට හාලේ බත කාලා...//)
(කිරි නැති හින්දා රට කිරි බීලා
සිංහල දරුවො මරන්නා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

(පිටරට හාලේ බත් ටික නැත්නම්
බඩගින්නේ සිංහලයා...//)
(අන්තිමේදී බුදියන පැදුරත්
දැන් දැන් පිටරටින් එන්නා...//)

පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා ආදී සිංහලුන්
පිට දීප දේශ ජය ගත්තා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.