පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලාpisadhaalaa soo sankaa pem gii gayalaa

Pisadala So Sanka Pem Gee Gayala

Lyrics

පිසදාලා සෝ සංකා පෙම් ගී ගයලා
ඈ උන්නා මගේ ලොකේ ළංවී බැඳීලා
මා දමා ආයේ නම් යන්නෑ කියාලා
මා දමා ආයේ නම් යන්නෑ කියාලා //

ආශා දෑසේ රැන්දු සිහිනේ මේ සැන්දෑවේ
නාවේ සොයලා
වෙන්වී රහසේ ගියදෝ මන්දා මා දමා
හසරැල් නිවාලා
මගේ ලෝකේ වියෝගේ සංතාපේ මවා ආදරේ

පිසදාලා ....

හෝ .. මා හඬවයි මේ පෙම් වේදනා
කෝ ඒ මා සැනසූ මල් හිනා
මායාවේ සිහිනේ සේ මැකී
ඈ ගියෙදෝ සෝ ගිනි රන්දා

පිසදාලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.