පිරු පෙරුමන්piru peruman

Piru Peruman

Lyrics

පිරු පෙරුමන් බොඳවෙලා
මිලින හදවත ගොළුවෙලා
ඔබෙ හීන මට රිදවලා
මගෙ හීන ඔබ ගෙන ගියා
තාම ඔබ මගෙ කිය කියා
හඬයි මගෙ හිත රෑ පුරා //

පේන තෙක් මානයේ නුබේ රුවයි ඇදුනේ
නිරුත්තර හීනයේ නුබවමයි පෙනුනේ
වේදනා පිරි ලෝකයේ 
තනිව මා අද සොයයි ඔබෙ සෙනෙහේ

නුබේ සෙනෙහේ දුර නිසා අරුම මතකය රිදවලා
දැන දැනත් හිත අහනවා නොලැබෙනා නුඹ සොයනවා
වේදනා පිරි ජීවිතේ 
සොයයි මා අද නොලැබෙනා නුබේ ආදරේ

පිරු පෙරුමන් බොඳවෙලා ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.