පිපුණු මලේ රුවpipunu malee ruwa

Pipunu Male Ruwa

Music:
P. ඩන්ස්ටන් ද සිල්වාp. danstan dha silwaa
Lyrics:
ලූෂන් බුලත්සිංහලluushan bulathsinhala

Lyrics

පිපුණු මලේ රුව එමල දනීදෝ
මලකි දුවේ නුඹ හැඩ රුව බලන්නෙපා
නැති බැරි කම මුතු මාල හතක් වී
කඩුල්ල පැන එයි නුඹ අත කරලනදා....

කටු මැටි බිත්තියෙ හැඩ කර අඳිනා
රෑ සෙවනැල්ලෙන් හිස පීරන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ 
ආදර දියණියනේ
පාලු කරට නුඹෙ අත නොගැටෙන්නයි 
වීදුරු කැඩපත බිම දැම්මේ....

ළිදේ අඩිය හිරු නොබලන් පින්නේ
එබී ළිඳට නුඹ ආයි හිනැහෙන්නේ
නොතලන් මා සිත ආදර දියණියනේ 
ආදර දියණියනේ
පාළු කැට නුඹෙ අත නොගැටෙන්නයි 
වීදුරු කැඩපත බිම දැම්මේ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.