පිපුණු කුසුමpipunu kusuma

Pipunu Kusuma

Music:
සෝමදාස ඇල්විටිගලsoomadhaasa aelwitigala
Lyrics:
සිරි ගුණසිංහsiri gunasinha

Lyrics

චිත්‍රපටය : සත් සමුදුර (1966)

පිපුණු කුසුම පර වූවා
පිපුණු කුසුම පර වූවා - බඹර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුනා - හසරැළි වියලී ගියා
හසරැළි වියලී ගියා
පිපුණු කුසුම පර වූවා

සිතක නැඟී පෙම් රළ පෙළ - වෙරළ වැළඳ නිල් දෑසක
සිතක නැඟී පෙම් රළ පෙළ - වෙරළ වැළඳ නිල් දෑසක
කදුළු වලට පෙරළුණා - කදුළු වලට පෙරළුණා
කදුළු වලට පෙරළුණා - දෑස අඳුර කැටිවුණා

පිපුණු කුසුම පර වූවා
පිපුණු කුසුම පර වූවා - බඹර කිකිණි ගොළු වුණා
මුතු කැට සුද සැඟවුනා - හසරැළි වියැලී ගියා
හසරැළි වියැලී ගියා
පිපුණු කුසුම පර වූවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.