පිපුණාද දුර ඈතpipunaadha dhura aetha

Pipunada Dura Atha

Lyrics:
සමන් එදිරිමුණිsaman edhirimuni

Lyrics

පිපුණාද දුර ඈත
මම හොයනවා තනි රෑක
නුඹ ගෙනදුන් තරු හීන
මම හොයනවා ඔබ තවම

රන්සළු ඇදගෙන - නුඹ එන මාවත
වසන්තය වගේ - හරිම හැඩයි
නිල්වන් පාටට - පීදෙන මීදුම
ගෙන එන්නේ - ඔබේ මල් සුවඳයි

අර නිල් පාටට පේන
නුඹ තමයි ඒ තනි තරුව
පරවුන මගෙ මේ පපුව
හොයනවා නුඹෙ රන්සළුව

රූසිරි වරුණා - රුව ඔබගේ
නෑ කවදාවත් - මම දුටුවේ
ඉන්නට පැතුවත් - නුඹෙ තුරුලේ
ආයෙත් නම් නෑ - නුඹ එන්නේ

පිපුණාද දුර ඈත...

රන්සළු ඇදගෙන...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.