පිපි කුසුම වදුලු සිඹිමින්pipi kusuma wadhulu simbimin

Pipi Kusuma Wadulu

Lyrics

පිපි කුසුම වදුලු සිඹිමින් 
තුරු සිරස ලපලු අතරින්
පිපි කුසුම වදුලු සිඹිමින් 
තුරු සිරස ලපලු අතරින්
එන ලහිරු කිරණ මෙතරම්
සොඳුරු නැත රජ මැදුරු වල නම්

නද සමඟ අනෙක සියතුන්
දිය පහස සිසිල විදිමින්
මද පවන හමන දසතින් 
සොඳුරු නැත රජ මැදුරු වලනම්
සොඳුරු නැත රජ මැදුරු වලනම්

රජ මැදුර සිපිරි ගෙයකී 
ගම සොඳුරු තිදස පුරකි
මෙම සුවය නොවිදි පෙරදී
ලැබුම මගෙ සසර පෙර පිනකී
ලැබුම මගෙ සසර පෙර පිනකී..//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.