පිපෙන්න මා හදේ ඔයා කියන්න ආදරේ කියාpipenna maa hadhee oyaa kiyanna aadharee kiyaa

Pipenna Mahade Oya Kiyanna Adarei Kiya

Lyrics

පිපෙන්න මා හදේ ඔයා
කියන්න ආදරේ කියා
ළංවෙලා සිතින්
කොඳුරලා හිමින්
කියන්න ආදරේ කියා

සිතෙන්නෙ සෑම විටම
එන්න ඔබ සොයා
පතන්නෙ සෑම දිනම
දකින්නට ඔයා
සිටින්න සදා කල්ම
හදට ළං වෙලා
කියන්න කුමාරියේ ආදරේ කියා

නොමයන්න මහද පැතුම්
බිඳ දමා සදා
ගෙනෙන්න එපා මගේ
හදට වේදනා
එවන්නෙ හසුන් පතක්
ඔබට මා ලියා
කියන්න කුමාරියේ ආදරේ කියා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.