පිපෙනා මලකටpipenaa malakata

Pipena Malakata

Lyrics

පිපෙනා මලකට ගලනා දොළකට 
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ 
පින් පව් එනවා අපි පසුපස්සේ

රළු ගල් කුලකට බෝල් මැටි පිඩකට 
දැනෙනා බුදු ගුණ නොදෙනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ 
පින් පව් එනවා ඒ අපි පසුපස්සේ

පිපෙනා මලකට...

ඉර හඳ දෙපොළට මේ මහා පොළොවට 
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි 
කොයි ලොව යන්නේ මරණින් පස්සේ 
පින් පව් එනවා අපි පසුපස්සේ
 
පිපෙනා මලකට...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.