පින්සර ඔබ හැරpinsara oba haera

Pinsara Oba Hara

Music:
ගුණදාස කපුගේgunadhaasa kapugee
Lyrics:
මහින්ද දිසානායකmahindha dhisaanaayaka

Lyrics

පින්සර ඔබ හැර
පිළිබඳ සිතුවිලි වෙනතක දළුලාදෝ
ඔබ ගැන මා ගැන මතකය අමතක
කරන්න පුළුවන්දෝ...//

සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගෙයි
මිහිරි අතීතය දැනුනේ
ඔබට මේ තරම් මා පෙම්කළ බව
වෙන්වන තුරු නෑ දැනුනේ...

පින්සර ඔබ හැර...

ජලේ මාළුවන් කොපමණ සිටියත්
කොහොමද නාඩා ඉන්නේ
ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි
මේ හැටි හිත පෑරෙන්නේ...

පින්සර ඔබ හැර...//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.