පින්න මලේpinna malee

Pinna Male

Lyrics

(පින්න මලේ සුද ඇන්න ගිහින් වද
මුහුණ පුරා පෙම් පිරිලා
ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර
කන්ද කපා හඳ ගෙට එන්නා)..//

දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන්
අන්න බලාපන් අත වනතේ
මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට
ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ

පින්න මලේ....

ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ උඹ
එන්නෙ අළුත් අවුරුදු කාලේ
ගන්න එපා පර දේස සිරිත් නෙක
මේක අපේ සිංහල දේසේ

පින්න මලේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.