පිණිබර මලක් වගේpinibara malak wagee

Pinibara Malak Vage

Music:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
Lyrics:
කුලරත්න අරියවංසkularathna ariyawansa

Lyrics

පිණිබර මලක් වගේ - ගමේ පිපුණු නගේ
හෙට ගියත් වැඩට මන්දිරයක සිදාදියේ
අමතක කරන්නෙපා - නුඹ එනතුරා මෙහෙ මං ඉන්නවා
 
සිදාදියේ නපුරු සතුන් - රුවට නුඹේ වසඟ වෙලා
නොයෙක් වෙසින් නුඹ බිලිගන්නට සැරසේවී
අතේ කාසි පනම් අරුමෝසම් නුඹේ දෑසට පාවී
නගේ පරිස්සමින් - ඉඳින් අනේ රැවටෙන්න එපා

සිදාදියේ විසිතුරු මැද - සිටින විටදි තනි වීලා
අළුත් පහේ නව මුහුණු නෙතට හමුවේවී
ගමේ රෑ පානේ රහසේ කිවූ කතා ගොළු වී යාවී
හිතේ සෝදිසියෙන් - ඉඳින් අනේ හිත දෙන්න එපා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.