පිනි වැස්සේpini waessee

Pini Wesse

Music:
රුසිරු උදාරrusiru udhaara
Lyrics:
මේනකා රංගනාත්meenakaa ranganaath

Lyrics

මා සිතේ ලෙන්ගතුම අන්තයේ
සිහිළැල් පෙමට ගතු කියන රාත්‍රියේ
කාටවත් නොම දුන්නු ආදරේ
පිළිගන්වන්න ඔබ මැව්ව හීනේ
පිනි වැස්සේ මා හද සිප ගත්තේ
මල් මකරන්ද හද පහස රස ගත්තේ
ආත්මයෙන් මතු ජාත ආත්මයේ
මට හිමිවන්න මේ සොඳුරු පෙම් ගීයේ........

මා හද බැන්දූ රෝස මල් කැකුළ බඹරිඳුගේ තනි නිව්ව 
ආදරෙයි සිත පිරවූ සරතැස නිව්ව පෙම්වන්ත ගී පොකුර
ආත්මයෙන් මතු ජාත ආත්මයේ
මට හිමිවන්න මේ සොඳුරු පෙම් ගීයේ........

ආදරේ සත් සයුර කළඹා 
නුඹේ නාමෙන් හෙටත් මල් පුබුදන්න
ජීවිතේ පුරා සෙනෙහස මා සෙව්ව 
සිත්තම් කර මගේ ළමැද සරසන්න......

කාටවත් නොම දුන්නු ආදරේ
පිළිගන්වන්න ඔබ මැව්ව හීනේ
පිනි වැස්සේ මා හද සිප ගන්න
මල් මකරන්ද හද පහස රස ගන්න
ඒ මිහිරෙන් හදවත සනසන්න
පෙම්වත් හීනයට කවුළු හැරලන්න
ආත්මයෙන් මතු ජාත ආත්මයේ
මට හිමිවන්න මේ සොඳුරු පෙම් ගීය........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.