පිනි වැටිච්චpini waetichcha

Pini Watichcha

Music:
චත්‍ර සේරසිංහchathra seerasinha
Lyrics:
විහගුන් ආරියරත්නwihagun aariyarathna

Lyrics

පිනි වැටිච්ච මල් ගොමුවක පිපි මලක් වගේ
තරු නැගෙද්දි රෑ අහසට පුන් සඳක් වගේ
නුඹ ලඟ හිඳ නැලවුනේ මහදේ දෙවගනක් වගේ
පිනි වැටිච්ච මල් ගොමුවක පිපි මලක් වගේ

නුඹේ නෙතු කැලුම් ලඟ මා හද සැලුනු රටා
නුඹ මා හද විල් තලයේ ගෙතූ ඒ කතා
මගේ මතක මාලිගේ අදත් සොඳුරු තැන් මවා
නුඹ ලඟ නැති හැම මොහොතෙම මා සනසනා

මගෙ හද ගත් සුරඟනාවී සිනහ මල් සලන්නී
නැවුම් වසන්තයක සුවඳ ගෙන මගේ ලඟට ඒවී
දුරින් උන්නු ඔයා ඇවිත් හෙට මදහාස නගද්දී
ඇඟිලි ගැන්න අපේ හීන කවදා හෝ සැබෑ වේවී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.