පිණි වැටෙනා මල් යායේpini waetenaa mal yaayee

Pini Watena Mal Yaye

Music:
හේමලාල් ගීතදේවාheemalaal giithadheewaa
Lyrics:
නිහාල් ගම්හේවාnihaal gamheewaa

Lyrics

පිණි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා
බොඳ මීදුම් කඳු අතරේ ඔබව සොයා මා එන්නේ
නිල්වන් දෑසින් මා මත් කරනා සුන්දර අරුණැල්ලේ
රන්වන් සමනල තටු සලමින් යන ඔබ වෙත මා එන්නේ
පිණි වැටෙනා මල් යායේ පාවී යයි සුනිල් වළා

එකම ඉසව්වක රැඳී සිටින සඳ
හමුවන්නට නොහැකිව ලතැවී
සිත රැදී පැතුමන් පොදි බැඳගෙන ඇත
ඔබට කියන්නට ප්‍රිය ළඳුනේ

නිල්වන් දෑසින් ....
පිණි වැටෙනා .....

අපේ ලොවක තනිවෙන්නට පැතුමන්
කොතරම්පිරුණත් වරම් නැතේ
බාධක හමුවේ නොසැලී ඉමු අපි
භවය පුරා පෙම්වතුන් ලෙසේ

නිල්වන් දෑසින් ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.