පිනි මලකට හිමිදිරියෙමpini malakata himidhiriyema

Pini Malakata Himidiriyema

Lyrics

පිනි මලකට හිමිදිරියෙම සක්මන් මලුවේ
ඇවිදින් යන මන් සලකුනු කවුරුද කීවේ
හිරුදෙවියෝ ළඟට එන්න පාරයි ඇහුවේ
මද පවනයි සඳ මඩලයි තරහයි කීවේ

වළා පොලේ සැඟවී යන රැයේ තාරකා
තාරකාවියගෙ උනුසුම තුරුලේ නැලවුනා
සිතුම් පැතුම් හුරතල් කල දසුන් දෙස බලා
බවුන් වඩන්නම් කුමරුනි ඇසිපිය නොහෙලා

පිනි මලකට හිමිදිරියෙම සක්මන් මලුවේ
ඇවිදින් යන මන් සලකුනු කවුරුද කීවේ

ආදෙන් සිතුවම් තෙත් කල මිහිර ගෙගන ඔබේ
සඳවත මත දිග හරින්න අවසරද නගේ
මහනෙල් මල් ඉර  මඩලට ඇහැරිලා වගේ
මේ සැමරුම දෙකම්මුලට හීනයක් වගේ

පිනි මලකට ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.