පින් සාරpin saara

Pin Sara

Music:
චරිත අට්ටලගේcharitha attalagee
Lyrics:
මනුරංග විජේසේකරmanuranga wijeeseekara

Lyrics

පින් සාර නුඹ දැක්ක මුල්ම දිනේ 
ගන්නට නුඹ ලඟටම සිතුනා නඟේ
මල් යායේ සුව ගන්න හැන්දෑකරේ 
සිතුවේ නෑ ඔබ හමුවෙයි කියාලා සිතේ 

කවිකාර ඔය බඹරා දැක්ක වෙලේ 
මල්රේනු දෙනවාද සිතුවා සඳේ 
මල් වලට වද කරනා අඹරුන් රැලේ  
ඔබ ආව එකමයි මගෙ හිතටත් වදේ

සද්දන්ත කුලයේ නිජ්දුන් ඇවිල්ලා   
හැඩකාර බඹරා ලඟ වැටීලා 
(වෙන මලක රොන් ගන්න බැරිදෝ අසයි 
මට සෙව්ව ඔබ පමණි දැනුනේ දැනුයි)..//

මගෙ වරුණ ගයනා ඔබ මා ලඟ ඉඳන් 
හිත ගන්න හැදුවාට මට දැන් බෑ ඉතින් 
(වෙන මලක මල් සුවඳ මට එයි ඔබෙන්  
මං කොහෝම හිත දෙන්නෙ මගෙ හිත බයෙන්)..//

පින් සාර නුඹ...
කවිකාර ඔය...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.