පිං මාලු වලේ කුසල් හාමිpin maalu walee kusal haami

Pin Malu Wale Kusal Hami

Lyrics

(පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
මං අහල නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා)..//

ලං උනාම කපුරුහාමි ළඟ ගඳ එනවා
පව් සේතුහාමි කන්න නැතුව අගුවෙ ලගිනවා
බණ කියන ගමන් ධර්මපාල මත්පැන් බොනවා
තම මහලු මවට කරුණාවතී ගුටි බැට දෙනවා.....

පිං මාලු වලේ....

ජයපාල උනත් යන හැම තරගෙම පරදිනවා
හැමදාම සාමවතී ගෙදර සණ්ඩු කරනවා
කිසි දවසක දැක නෑ සිරියාවති හිනැහෙනවා
මම දැක්කෙමි ජිවත්හාමිත් පරලොව යනවා......

පිං මාලු වලේ....

පිං මාලු වලේ කුසල් හාමි මාලු බානවා
සිල් අරන් ඇවිත් සීලවති මකුණො මරනවා
ධනපාල උනත් මිනිහා මහ පාරේ හිඟනවා
(මං අහල නෑනේ සත්‍යපාල ඇත්ත කියනවා.......////)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.