පින් මදිද දන්නේ නෑpin madhidha dhannee nae

Pin Madida Danne Na

Music:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara
Lyrics:
චතුරංග වර්ණසේකරchathuranga warnaseekara

Lyrics

හේ... වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා....

පින් මදිද දන්නේ නෑ කරුමයද දන්නේ නෑ
ගිලිහී ගියේ ඔයා මගෙන් යළි නොඑන සේ එදා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා...
(පව්කාර යැයි ඔබ කිවූ අත් දෙකෙන් 
වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා....//)

ඉන්න වස්තුවේ මම කියපු වෙලේ ඔයා
ගස්සලා ගියේ මියැදෙන්න මට කියා
තේරුමක් නැතත් ඒ කිව්ව වචනෙන් පවා
මාව පණ පිටින් ඉද්දීම මියැදුණා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා...
පව්කාර යැයි ඔබ කිවූ අත් දෙකෙන් 
වැඳ බුදුන්ගෙන් පවා මම ඉල්ලුවේ ඔයා....

වරදලා ඔයා තේරුම් අරන් මා එදා
හේතු කාරණා නොඅසාම පිටවුණා
උන්නු අය ඇහුවා ඔයා කෝ කියා
පෑරිලා තිබූ හිත තවත් පෑරුවා
ඔබ වෙනුවෙන් තැනූ සුවිශාල මාළිගා
නෑ පලක් ඔයා නැති හින්දා...

පින් මදිද දන්නේ නෑ.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.