Lyrics
පිළිම නෙළා නැති විරුවන් පිරිසක්
සැමරුම් දින නැති විරුවන් පිරිසක්
සැතපෙන බව පස් කඳු යට රහසේ
මිහිකත කම්පා වී ගුගුරා දෙස් දේවී......
පීඩිත භාවය හිස පාගන විට
සමාධි සුවයෙන් නොසිටිය යුතු වග
කියා දෙමින් ඒ විරුවන් මියැදුණි
උන්ගේ රුව වත් අප නෙත් නොගැටුණි......
පිළිම නෙළා නැති......
මිළ මුදලට යස ඉසුරට ලොබ බැඳ
අවි ගැටුවේ නැත උන් රණ බිම් මැද
භීෂණ දූෂණ රජ වූ දෙරණක
සුබ සෙත සලකා මළෝය උන් සැම...
පිළිම නෙළා නැති......