Lyrics
පිළිගන්නවා නම් ඔයා රැවටුවේ මා නොවෙයි කියා
සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා.......
යළි ඒවි මා සොයා.......
(හිතට හුරු නැති දුක දරා ඉන්නේ තවමත් ඔබ නිසා.....//)
මතක දහසක් තනි වෙලා දෙන්නේ ඇයි මට චෝදනා
සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා.......
යළි ඒවි මා සොයා.......
(මියෙන තුරු ඔබේ නම රැඳේ පපුව ගැඹුරේ ආදරේ......//)
ඔබට දුන් මේ හිත අරන් කඳුළු විතරක් පුද කළා
සත්තමයි ඔබ මතු දිනේ යළි ඒවි මා සොයා.......
යළි ඒවි මා සොයා.......
පිළිගන්නවා නම්........