පිළිගන්න මමpiliganna mama

Piliganna Mama

Music:
පී. එල්. ඒ. සෝමපාලpii. el. ee. soomapaala
Lyrics:
ඇලෝයි ගුණවර්ධනaelooyi gunawardhhana

Lyrics

(පිළිගන්න මම චන්න ඇමති වෙමි 
මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමි...//)  
පිළිගන්න මම චන්න ඇමති වෙමි

(පණ වාගෙ රජ දේවි හඬවා තියා 
හිතුවාද හොර රහසේ යාවි කියා...//)    
නොබලාම අර පුංචි කුමරා දිහා 
කුමරා දිහා

පිළිගන්න මම චන්න ඇමති වෙමි 
මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමි
පිළිගන්න මම චන්න ඇමති වෙමි

(අසු ගංගා තීරේදි හැපිලා බලා 
රජගේම අමු සොහොන වාගේ වෙලා...//) 
පිළිගන්න බැහැ ගෑනු කියනා කතා 
කියනා කතා

(පිළිගන්න මම චන්න ඇමති වෙමි 
මා එක්ක ගියෙ ඊයේ සිදුහත් හිමි...//)
පිළිගන්න මම චන්න ඇමති වෙමි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.