Lyrics
පීදෙන ගොයමේ නෑබූල් සුවදින් ඔකද වෙලා
එගොඩ ගොඩේ ඔබ කවි කියනා විට පැලට වෙලා
දුනුකේ ඉහිරුනු නිල් තණ පලසේ වාඩි වෙලා
මෙගොඩ ගොඩේ මම අසා සිටින්නම් උදේ හවා
ගමට ඇසෙන්නට කවි කීවත් ඔබ රසට ගොතා
කොහොම කියන්න්න්ද මගේ කවිය මම කෑ ගසලා
කවිය මගේ හඩ නොනැගේ හිත පතුලෙ තව සැගවේ
වැටකොට බැද ඇති පැලට උඩෙන් මගෙ ඉගිල්ලිලා
මගෙ කවිය ගැන ඔහුට කියනවද වසන් වෙලා
මඩිස්සලේ හදිස්සියෙ පැලේ දොරෙන් වරෙන් අනේ