පිච්ච කැකුළුpichcha kaekulu

Pichcha Kekulu

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha
Lyrics:
සෝමරත්න දිසානායකsoomarathna dhisaanaayaka

Lyrics

පිච්ච කැකුළු මල් මාලය කොන්ඩෙ පළන්ඳා
සුවඳට වැල්ල දිගේ කෝවිල් ගිය තංගමනී නංගියේ
අම්මා අප්ප කොයි ගිහින්ද ඇයි තනියම පන්සලේ
අර සුවඳ හමන පිච්ච කැකුළු කෝ අද උඹෙ කොණ්ඩයේ...

අම්මා අප්ප ගියා උදෙන් වෙඩට මාළු වාඩියෙ
මහ මුහුද එවිත් දෝරෙ ගියා වාඩියවත් නෑ එහේ
වෙච්ච කැරච්චල් කියන්න සාමිත් නෑ කෝවිලේ
ලොකු හාමු‍දුරුවො අපට එවිත් ඉන්න කීවා පංසලේ...

කැඩිච්ච කෝවිල හදන්න ටික දවසක් යයි නගේ
අපි බුදු සාදුට වැඳල අහමු අම්මා අප්ප ගැන නුඹේ
මෙච්චර කල් කවදාවත් පන්සලකට නෑ ගියේ
අපි හෙමදාමත් දුක කීවේ දෙවියන්ටයි කෝවිලේ...

දෙවියො බුදුන් කාටත් දුක තේරෙනවා එක වගේ
අපි බුදු සාදුට වැඳල පස්සෙ කෝවිලටත් යමු නගේ...

(ඒනම් මට කියා දෙන්න වඳින විදිය පන්සලේ
බුදු සාදුට පූජා කරන්න පිච්ච මලක් නෑ අතේ
අත්පොඩි දෙක එකට තියල වඳින ලෙසම කෝවිලේ
සුදු අරලිය මල් පූජා කරමු ඒවත් සුවඳයි න‍ගේ…//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.