පිබිද හිනැහෙනpibidha hinaehena

Pibida Hinahena

Music:
රංග වික්‍රමාරච්චිranga wikramaarachchi
Lyrics:
කත්‍යන අමරසිංහkathyana amarasinha

Lyrics

පිබිද හිනැහෙන වන මලක් ලෙස ඈත දිදුලන තනි තරුව ලෙස
වියලි පොලොවට වැහි බිඳක් ලෙස හදට නුඹ ළංවුනා රහසෙම....

රළුව කටුකව ගෙවෙන දිවියෙන් පලා විත් එක් නිමේෂයකට
එකලු කරමින් අඳුරු හද ගැබ හිනැහුනා නුඹේ විඩාබර නෙත....

වැහිබිඳක් නැති වියලි කතරට ගැලූ සිහිලැල් නදිය නුඹමය
ඈත සිඳුතෙර අහස් ඉම ළඟ දිලී නිවෙනා තරුව නුඹමය....

මේඝයක් සේ ඈත පාවෙන පිනිබිඳක් සේ හිරුට සැඟවෙන
මේ සෙනේ දිය ගලනු හැකිවෙද ලෝකයේ රුදු නෙතින් මගහැර....

වේදනාවෙන් හඬා වැටෙනා හදට සැමදා සිසිල නුඹමය
ගව් ගනන් දුර තනිවෙලා සිත අසයි නුඹේ හද ගැහෙන රාවය....

පිබිද හිනැහෙන......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.