ෆීනික්ස් කිරිල්ලීfiiniks kirillii

Phoenix Kirilli

Music:
තරිඳු දම්සරtharindu dhamsara

Lyrics

කවිය ඇය පද නැති
තනුව විය ස්වර නැති
ගැයුම රැය එළිවෙති
එළිය විය අදුරැති
හිත් හදන් අලු ගසන්
මං මරන් ඉපදියන්

ජීවිතය තනියෙන්
වේදනා දැනියන්
ආදරේ ගිනියම්
හීනයකි අනියම්
අතීතේ අලුකරන් අලුවලින් පණ අරන්
ගිණි මැදින් තෙද අරන් ඉපදුනා
ලබැදි සදැල්ලී
හිතින් මා නිදැල්ලේ
අළු ගිණියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී

ලෝකයක ගැරහුම්
ආදරේ ඉහිරුම්
හිත් බිදපු ගෙරවුම්
ලක්ෂයයි හැරවුම්
අතීතේ අලුකරන් අලුවලින් පණ අරන්
ගිණි මැදින් තෙද අරන් ඉපදුනා
ලබැදි සදැල්ලී
හිතින් මා නිදැල්ලේ
අළු ගිණියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.