පැටලුණාpaetalunaa

Petaluna

Music:
රංග දසනායකranga dhasanaayaka
Lyrics:
වසන්ත දුක්ගන්නාරාළwasantha dhukgannaaraala

Lyrics

පැටලුණා මේ ජීවිතේ පැටලුණා...//
හුයෙන් හුය ගිලිහුණා ඈත් වෙන්න ඕනා
මුදු පැතුම් සඟවලා ඈත් වෙන්න ඕනා
(මට හිතාගන්න බැරුවා මට ලිහාගන්න බැරුවා...//)

මට වැටහුණා වැටහුණා ගොඩක් ළං කය කියා
ඔබේ දිලිසෙනා දිලිසෙනා ඇස් මට එපා
එක දවසක් දා පෙම් මග හමු වූ ඇස් වල නම්
පෙර සංසාරේ හුරු ගතියක් ඇති කර ඉතිරුණා...
පැටලුණා මේ ජීවිතේ පැටලුණා...//

මට පාරලා පාරලා දුරක් එක්කන් ගියා
හිත හූරනා හූරනා සුසුම් පිටවෙලා
එක දවසක් දා පෙම් මග හමු වූ ඇස් වල නම්
පෙර සංසාරේ හුරු ගතියක් ඇති කර ඉතිරුණා...

පැටලුණා මේ ජීවිතේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.