පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝperadhinaka edhaa hamuwuuyee kothaenakadhoo

Peradinaka Eda Hamuwuye Kothanakado

Lyrics

පෙරදිනක එදා හමුවූයේ කොතැනකදෝ
මට මෙන්ම ප්‍රියේ ඔබටත් එය අමතකදෝ
ඔබ නොදැක එදා එක දවසක්‌ ගතවුණිදෝ
ඒ දවසද කල්පයකට දිග වැඩි නේදෝ

සා දෙනක ලෙසින් අවිහිංසක මගෙ සෙවනේ
ඒ ගෙවූ අතීතේ //
ඔබ වෙනුවෙන් හා නෙත් හෙළු කඳුලු රේඛා //
අද මල් පුබුදා ඇත ඉතිරි පැතිරි ශාඛා

කටු පඳුරු පිරුණු වන පෙදෙසක ඔබ පිපුණේ
මගෙ ආදර අරණේ //
වාසනාවේ අඩ සඳ දැන් අහසේ මෝරයි //
මා මියන තුරුම මගේ ජීවිතේ ඔබටම බාරයි

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.