Lyrics
පෙරදාක රෑ සිහිනෙන් දුටු ඒ දයාවියේ
හැබැහින් කොහේ ඉන්නේ ළඳේ
දැක ගන්න ආසයි ප්‍රියේ //
මල් පීදුණු තුරු ගොමුවක අප පියමැන්නා
පොදවැස්සක් අප තෙමලා ආසිරි සැලුවා
ඔබේ සිනා රැල් අතරේ හදම ගොළු උනා
හදින් හදට තුරුළු වන්න පැතුම් ගොළු උනා
පෙරදාක රෑ සිහිනෙන් දුටු ....
අතිනත ගෙන වළාකුලක පවා දුර ගියා
සීත සුළං රැළි හමලා චාමර සැලුවා
ළඟින් ඉන්න ඔබේ සුවඳ හදම මත් කලා
සදාකල්ම සුවඳ වෙන්න මෙමට ළංවෙලා
පෙරදාක රෑ සිහිනෙන් දුටු ....