Lyrics
පෙරදාක මතකයේ හදතුල රැඳී
අද වාගේ සිහිවෙයි පෙම්කල හැටී
හසරැල්ල මැකී ගිහින් කඳුලක් ඇදී
ගිලිහී ගියා ඔබගේ පිලිරූ මැකී
සිහිනෙන් ඇවිත් එදා කී පෙම් කතා
සවනේ ගිගුම් දෙයි නෙතු හඬවලා
රිදවන්නේ ඇයි මගේ හදවත පෙලා
නොදැනුනිද මගෙ ලෝකේ ඔබමයි කියා
පෙරදාක මතකයේ....
සඳ තාරකාවන් අද සැඟවී රැයේ
මල් පිපුණු ඒ යහනේ මැලවී පෙනේ
ඔබ අවොතින් මගේ සෙවනට යලී
හද වේදනා පාවී යයිදෝ මැකී
පෙරදාක මතකයේ....
(ගිලිහී ගියා ඔබගේ පිලිරූ මැකී...//)