පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතාperadhaaka hitha wataama sellam karapu oya kathaa

Peradaka Hitha Watama

Lyrics

පෙරදාක හිත වටාම සෙල්ලම් කරපු ඔය කතා 
විහිලුවට මැවෙන මිරිගුවක් වෙලා 
ඇස් පිරෙන තරම කදුල ලගදි අතරමං වෙලා 
සත්තයි ගොඩක්ම ආදරේ කලා.....

තරහා නෑ හිත තියා හින්දා ඔයා
හින්දා ඔයා
හින්දා ඔයා.....

තාම හොයන කල්පනාව ඒවිදෝ කියා
රෑට පේන හීනයක් වෙලා
පාට මවපු ආදරේට රැවටුනා 
ඔයා
කාසි පිරුණු ජීවිතේ නිසා.....

තරහා නෑ හිත තියා හින්දා ඔයා
හින්දා ඔයා
හින්දා ඔයා.....

මාන බලන රූප මවන මතකයට වෙලා
අපේ කියපු ආදර කතා
තාම ඉන්න කාරණාව දන්නෑ 
ඔයා
ආදරේට ආදරේ නිසා.....

තරහා නෑ හිත තියා හින්දා ඔයා
හින්දා ඔයා
හින්දා ඔයා......//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.