පෙරදා මහ රෑperadhaa maha rae

Peradaa Maha Raa

Music:
ස්ටැන්ලි පීරිස්staenli piiris
Lyrics:
සුනිල් ආරියරත්නsunil aariyarathna

Lyrics

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ
මුහුණ හොවා ගෙන ළසොවින් වැළපුන
ඔබේ විඩාපත් නෙතින් ගලා ගිය
කඳුළක කැළලක් ඉතිරි වෙලා
පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ

උරහිස තැවරී වියැළුණු කඳුළෙන්
ඔබගේ සුනරුත් පැතුමක ගිණි ඇත
සදා දැවෙන්නෙමි ඒ ගින්නෙන්

පෙරදා මහ රෑ මා සිහිලැල් උර මඬළේ

ඔබහට පෙම් කළ යුගය නිමා කර
වෙන් වී යන්නට දවස පැමිණ ඇත
සමාව දෙන් මට සෙනෙහෙ සිතින්

පෙරදා මහ රෑ…

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.