Lyrics
පෙරදා වගේම ඇවිත් මා ළඟින් ඉදන්
කොඳුරා ආයෙම මට ආදරේ කියන්
නොනිදා පහන්ව මුළු රැය ගෙවිලා ගිහින්
හඩනා නෙතු ළඟ නුඹත් තවමත් සිනාසෙමින්
පෙරදා වගේම ඇවිත් මා ළඟින් ඉදන්
සසලව තැවෙනා මගෙ හිත නිසල වෙන්නට
ඔය නෙතු අග මා සදා පතන්නට
මගේ හද විඳිනා මේ දුක් පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනසෙන්නට
නොඑන බව දනී සැලුනා පෙම් හිත මගේ
ඉන්නෙමි බලා සසරේ ඔබ එනතුරා
මගේ හද විඳිනා මේ දුක් පවසන්නට
වරම් නැතිද ඔබ හා එක්වී සැනසෙන්නට