පෙරදා සමුගත් නුඹperadhaa samugath numba

Perada Samugath Nuba

Music:
සුනිල් ධර්මසේනsunil dhharmaseena
Lyrics:
ජයමිණි ප්‍රියංකා කුමාරසිංහjayamini priyankaa kumaarasinha

Lyrics

(පෙරදා සමුගත් නුඹ දුටුවා
ලොවට හොරෙන් කඳුලක් නැගුනා
බොඳ වී යන සිතුවම් අතරේ 
රුව පෙනී නොපෙනී යනවා...//)

අමාවක රෑ තුන්යාමේ 
හීනෙන් ඇවිදින් හිනැහෙනවා
හිනැහී හිනැහී නුඹ ඇවිදින්
රුව පෙනී නොපෙනී යනවා...

පෙරදා සමුගත්.../

පැතුවත් පැතුමක් මේ සසරේ
හිමි නොවෙනා බව මට දැනුනා
පෙරදා මතකය යලි සිහි කරමින්
තනි වෙන්නම් මා මේ භවයේ....
පෙරදා සමුගත්....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.