පෙරදා දෑතේ වෙලීperadhaa dhaethee welii

Perada Dathe Weli

Lyrics

පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී  //
සසරේ පැතුමන් ලෙසේ
සිනසී සිතුමන් මතේ
පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී

කිසිදාක වෙන්වී නොයේවී
සැමදාම ඇසුරේ හිඳීවී
ඒ සිහින බොඳවී පෙනේවී
සිත මාගේ දුක්වී තැවේවී //

පෙරදා දෑතේ වෙලී
ඔබ මා හා සෙනෙහෙන් බැඳී //

ඔබ මාගේ සෙනෙහේ විදින්නේ
ලෝකෙන්ම සැගවී ඇවිත්නේ
එළිවූ දිනේ මේ සෙනේහේ
නෑ නේද ඔබ වෙන්ව යන්නේ //

පෙරදා දෑතේ ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.