පෙර සන්සාරෙකpera sansaareka

Pera Sansareka

Music:
දිනෙත්ම දර්ශන්dhinethma dharshan
Lyrics:
දර්ශන රුවන් ජයපත්මdharshana ruwan jayapathma

Lyrics

පෙර සන්සාරෙක හමුවූ මතකය
සොයාන ආවට නුබ හොරැහින්
හැම සන්සාරේම වෙන්වී යන්නද
අපි හමුවී උන්නේ ඇයි මෙලෙසින්

පියාගන්න තුරු තියාගන්න හිස
ඔබේ ඔය ලය මට ඉල්ලනවා
නිවන්න කදුළැලි දවසක් එනකල්
සඳ මගේ තනිකම විමසනවා

කියාගන්න බැරි දහසක් සිතුවිලි
හිත ලග තනිවී ඉකිලනවා
ඔබ ලග නැති හැම දවසක් පාසා
තනිකම මගේ තනියට එනවා

තනිකම  මගේ තනියට ලං වෙනවා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.